Adaraneeya Withington - ආදරණීය විතිංග්ටන් - Beloved Withington

Adaraneeya Withington - ආදරණීය විතිංග්ටන් - Beloved Withington

  • රු800.00
  • රු680.00

  • Price in reward points: 5


මාස අටක් වැනි කුඩා කාලයක,එහෙත් සෘතු විපර්යාස තුනක් පුරා , එංගලන්තයේ,මැන්චෙස්ටර් හි,විතිංග්ටන් නගරය කේන්ද්‍රය කරගනිමින් මා ලද සුළු අත්දැකීම් මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත්තේ ය.පටුනෙහි දක්වා ඇති දින එම කියමනෙහි සාක්ෂි කරුවන් ය . කොවිඩ් ව්‍යසනය,එංගලන්තය තදබල ලෙස, තම ග්‍රහණයට ගත් කාලයක ,එවන් පරිසර විඳීම් ලබා ගත හැකිවීම අද මට විමතියකි.

එහි සිට එදා මුහුණු පොතෙහි බෙදා හැරි අදහස් කිසිදු සංශෝධනයක් නො⁣කර මෙහිද සඳහන් කළේ අදහසක වුව ද,එදා රැඳි සොඳුරු බව හා දැනුණු හැඟීම්බර ,බොළඳ බව රැකෙනු සඳහාම ය.

ලිවීමේ අභිමතාර්ථයන් කිහිපයකි. කල්පිතයක්,මැවීමක් නොවුණු සැබෑවක නිර්ව්‍යාජත්වය සුන්දරය.

එය ඔබ හමුවේ තැබීමට මට අවැසි විය. මා විඳි සෞන්දර්ය චාරිකාවක, ඔබ කැටුව යෑමට දොළක් ඇතිවිය.දරුවෙක් නිසි වයස්හිදී නිසි අධ්‍යාපනය ලැබීමෙන්,තම පවුලට,සමාජයට,උපන්බිමට දියහැකි වටිනාකම දරුවන්ට ඒත්තුගන්වන්නට මට උවමනා විය.


Author Name
Author Name K R K Munasinghe
Publisher
Publisher Name Kavivara Publishers

Write a review

Please login or register to review

Tags: Adaraneeya Withington - ආදරණීය විතිංග්ටන් - Beloved Withington